මංජු නිශ්ශංක

නායක – ජාතික ජනතා පක්ෂය

ගම්පහ දිස්ත්‍රික්ක​යේ උපත ලැබු මංජු නිශ්ශංක තම මූලික අධ්‍යපනය කොළඹ නාලන්දා විද්‍යාලයෙන් හදාරා ඉන් අනතුරුව තම උසස් අධ්‍යපනය සඳහා මොරටුව විශ්වවිද්‍යාලයට ඇතුලත්වි සිවිල් ඉංජිනේරු උපාධිය හැදෑරීය. කවදත් අලුත්වන ගෝලීය විෂ​ය දැනුමත් හඹා ගිය හෙතෙම ඉන් ඉක්බිතිව එක්සත් රාජධානියේ, ප්‍රංශයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි City University London, London School of Economics, HEC Paris සහ NYU Stern School of Business යන ලොව කීර්තිමත් ජාත්‍යන්තර සරසවි වලින් මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ ගෝලීය දේශපාලනය පිළිබඳ පශ්චාත් උපාධි​න් ලබා ගැනීමට සමත්විය. ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් හී පිහිටි ලොව ප්‍රධානතම ආයෝජන බැංකුවක් වන Bank of America Merrill Lynch හී ආයෝජන බැංකුකරුවෙකු ලෙස තම ආර්ථික, මූල්‍ය හා ගෝලීය වෙළදපොළ පිලිබද දැනුම දශකයකට ආසන්න කාලයක් ලොව පුරා පිහිටි ප්‍රධානතම ගෝලීය සමාගම්වල විධායක ශ්‍රේණියේ නිළධාරින් සමඟ සාර්ථකව බෙදාගැනීමට හැකිවීමට තිබු දක්ශතාවය ඔහු කෙටි කාලයක් තුළ එ​ම ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස ලැබූ උසස්වීම් තුළින් මනාව පෙන්නුම් කරයි.

මේ මොහොතේ ශ්‍රී ලංකාව මුහුණ දෙමින් පවතින බරපතළ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඒ පිළිබද මනා අවබෝධයක් සහ විශේෂඥ දැනුමක් ඇති නායකයකු ලෙස මංජු නිශ්ශංකගේ දේශපාලන ආගමනය රටේ ආර්ථික අභිවෘධියට තීරණාත්මක සාධකයක් වනු ඇත. ගෝලීය මූල්‍ය ක්ෂෙත්‍රය හා ප්‍රාග්ධන වෙළදපොළ පිලිබද හසල දැනුමක් සහ අත්දැකිම් සහිත හෙතෙම ගෝලීය බහුජාතික සමාගම් රැසකට ප්‍රාග්ධන වෙළදපපොළ සහභාගීත්වය, වෙළදපොල නිර්මාණකරණය සහ ස්ථායිකරණය, සාර්ව ආර්ථික තත්වයන් සහ ගෝලිය ණය වෙළදපොළ කලමණාකරණය පිලිබදව ආයෝජන බැංකු කරුවෙකු සහ ආර්ථික විශ්ලේශකයෙකු ලෙස තම දායකත්වය ලබාදී තිබේ.

මෙසේ දශක දෙකක්ට අධික කාලයක් පුරාවට ලබාගත් දේශීය මෙන්ම ජාත්‍යන්තර අධ්‍යපන සහ වෘත්තිය අත්දැකිම් නිසාවෙන් ඔහු, ඉංජිනේරු, මූල්‍ය, ආර්ථික විද්‍යාව සහ දේශපාලන යන ක්ෂේත්‍රවල බහුවිධ දක්ෂතාවන්ගෙන් යුත් වෘත්තිකයෙකු ලෙස ලොව පුරා කීර්තිනාමයක් දිනාගෙන ඇත. තවද ඔහුගේ ශාස්ත්‍රීය ඥානය සමඟ සංකලනය වූ ප්‍රායෝගික අත්දැකීම් විසින් ඔහුව ගෝලීය පිළිගැනීමක් සහිත නායකයෙකු ලෙස ද ඔසවා තබා ඇත.

මංජු නිශ්ශංක මූල්‍ය හා ආර්ථික විශේෂඥයෙක් පමණක් නොව, ශ්‍රී ලංකාවේ විභවයන් විවෘත කිරීමේ අත්‍යවශ්‍ය සාධකය​න් වන නවෝත්පාදන, තාක්ෂණය සහ ගෝලීය ප්‍රාග්ධනයේ අන්තර් ක්‍රියාකාරිත්වය හඳුනාගත් දූරදර්ශී නායකයෙකි. නව ලෝ​ක ආර්ථිකය පිළිබඳ ඔහුගේ තීක්ෂණ බුද්ධිය මෙන්ම වෙනස් වන භූ ගෝලීය දේශපාලනය පිලිබඳ ඔහු සතු පුළුල් අවබෝධය ඔහුට අප රට මුහුණ දෙමින් තිබෙන අභියෝගාත්මක අවධියට මුහුණදීමට පැහැදිලි මාර්ග සිතියමක් සපයයි.

මංජු නිශ්ශංකගේ විශේෂත්වය වන්නේ ඔහුගේ වෘත්තීය දැනුමෙන් ඔබ්බට ගිය තම මව්බිමේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කිරිමට තිබෙන අධිෂ්ඨානය හා කැපවීමයි. පුද්ගලික ලාභ ප්‍රයෝජන අත්හැර රට ගොඩගැනිමේ දැවැන්ත කාර්යයභාරය උදෙසා තම සුවිශේෂී හැකියාවන් කැප කිරීමට තීරණය කිරීම ඔහුගේ සැබෑ මානුෂීය හා විඥානවාදි ගති ලක්ෂණ මැනෙවින් පිළිබිඹු කරන්නකි.

ඔව්, සත්තකින්ම ඔහු මේ රට ගොඩනඟනු ඇත.
මෙය හිස් පොරොන්දුවක් නොව,
ස්ථිර අධිෂ්ඨානයකි​න් ලබාදෙන ප්‍රතිඥාව​කි.