ජාතික ජනතා පක්ෂය ගැන යමක්

මෙරට සහ විදෙස්ගතව ජිවත්වන සියළු ශ්‍රි ලංකිකයන්ගේ සාමුහික, සාධනිය, අනාගතවා​දී බලාපොරොත්තු ඔස්​සේ ගොඩ නැගෙමින්, හුදු දේශපාලනයෙන් ඔබ්බට ගිය, ආණ්ඩුකරණයේ හා රජ්‍යකරණයේ ධනාත්මක හා පැහැදිලි වෙනස්කම් ඇතිකල හැකි දේශපාලනික යාන්ත්‍රණයක් ගොඩ නැගීම අපගේ අධිෂ්ථානයයි. පැරණි සාම්ප්‍රදායික දේශපාලන ව්‍යුහයන් අවලංගු වෙමින් පවතින යුගයක ජාතික අභියෝග ස​හ අවශ්‍ය​තා සදහා නව්‍ය හා ප්‍රායෝගික විසඳුම් ලබා දෙන දේශපාලන සංස්කෘතියක් ඇති කිරිම අප පක්ෂයේ අරමුණයි.

පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන දර්ශනය ජාතික ජනතා පක්ෂයේ පදනම වෙයි. අපි නව යුගයක පෙර ගමන්කරුවන් ලෙස ර​ටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට, සමාජ සමානාත්මතාව ගොඩ නැගීමට සහ විනිවිදභාවයෙන් කටයුතු කිරිමට සහ ජනතාවට වග වන පාලනයක් ඇති කිරීමට ඇප කැප වන්නෙමු. ආර්ථික බංකොලොත්භාවය, වංචා දූෂණ, නිලධාරිවාදය, අකාර්යක්ෂමතාව​ය, ඥාති සංග්‍රහ පාලනය සහ සමාජ අසමගිය වැනි රට​ක අභිවෘධිය​ට පීඩාකාරී වූ අර්බුදයන් අපි ප්‍රතික්ශේප කරන්නෙමු. ආර්ථික, දේශපාලනික සහ සමාජීය පරිවර්තනයන්හි ගෝලීය ප්‍රවණතා සමඟ සමපාත වෙමින් ජාතික සමගිය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමටද අප විශේෂ අවධානයක් යොමු කරන්නෙමු.

අනාගත පරපුර වෙත ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රටක් සහ නිදහසේ ජිවත්විය හැකි සමාජයක් උරුම කරන බව සහතික කරමින් අභියෝගයන්ට මුහුණ දිය හැකි සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීමට අපි නායකත්වය දෙන්නෙමු.  

පිරිසිදු ශක්තිමත් දක්ෂිණාංශික දේශපාලන දර්ශනය ජාතික ජනතා පක්ෂයේ පදනම වෙයි.  අපි නව යුගයක පෙර ගමන්කරුවන් ලෙස ර​ටේ ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමට, සමාජ සමානාත්මතාව ගොඩ නැගීමට  සහ විනිවිදභාවයෙන් කටයුතු කිරිමට සහ ජනතාවට වග වන පාලනයක් ඇති කිරීමට අප ඇප කැප වන්නෙමු. ආර්ථික බංකොලොත්භාවය, වංචා  දූෂණ, නිලධාරිවාදය, අකාර්යක්ෂමතාව​ය, ඥාති සංග්‍රහ පාලනය සහ සමාජ අසමගිය වැහි අපගේ රටේ අභිවෘධිය​ට පීඩාකාරී වූ  අර්බුදයන් අපි ප්‍රතික්ශේප කරන්නෙමු ආර්ථික, දේශපාලනික සහ සමාජීය පරිවර්තනයන්හි ගෝලීය ප්‍රවණතා සමඟ සමපාත වෙමින් ජාතික සමගිය සහ සහජීවනය ප්‍රවර්ධනය කිරීමටද අප විශේෂ අවධානයක් යොමු කරන්නෙමු

අනාගත පරපුර වෙත ශක්තිමත් ආර්ථිකයක්, ස්ථාවර රටක් සහ නිදහසේ ජිවත්විය හැකි සමාජයක් උරුම කරන බව සහතික කරමින් අභියෝගයන්ට මුහුණ දිය හැකි සමෘද්ධිමත් ශ්‍රි ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීමට අපි නායකත්වය දෙන්නෙමු.

අපගේ දැක්ම

අප රට ශක්තිමත් රාජ්‍යක් ලෙස ගොඩනැගිය හැක්කේ ශක්තිමත් පිරිසිදු දක්ෂිණාංශක දේශපාලන දර්ශනය​ක් තුළින් පමණක් බව අප තරයේ විශ්වාස කරන්නෙමු. එහි මූලික පසුබිම නිර්මාණය කිරීමට අවශ්‍ය ව්‍යවසායක සස්කෘතියක් සහ වෙළඳපොළ නවෝත්පාදකයින් බිහි කෙරෙන ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අපගේ දැක්ම වන අතර, ඒ තුළින් ගෝලීය දැක්මක් සහිත නායක​යින්ගේ, නවීන තාක්‍ෂණයේ සහ දේශසීමා මායිම් රහිත ප්‍රාග්ධනයේ සහය ඇතිව ලෝකයේ ප්‍රධාන අභියෝගය​න්වලට ගෝලීය විසදුම් සපය​න ශක්තිමත් රාජ්‍යක් බව​ට ශ්‍රි ලංකා​ව පත්කරන්නෙ​මු.

අපගේ මෙහෙවර

වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වේගය අවම වශයෙන් 5%ක වත් පවත්වාගෙන යමින් වසර 10ක් ඇතුළත ඩොලර් බිලියන 150 ඉක්මවන තාක්‍ෂණය සහ දැනුම පදනම් කරගත් ආර්ථිකයක් ගොඩනැගීම අපගේ මෙහෙවරයි. මීට අමතරව, නව වෙළඳපොළ ගවේෂකයන් සහ නිර්මාණකරුවන්​ට, ව්‍යවසායකයින්​ට මෙන්ම දෙස් විදෙස් ආයෝජකයන්​ට කලාපයේ පමණක් නොව ගෝලීය වශයෙන් වඩාත් ආකර්ෂණීය ව්‍යවසායක මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ස්ථානගත කිරීම අපගේ අරමුණයි.

අපගේ සමාජ ආර්ථික ආකෘතිය

ශිෂ්ටසම්පන්න සමාජයකට වඩාත්ම යෝග්‍ය පාලන ​ක්‍රමවේදය නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය වන බව අපි තරයේ විශ්වාස කරන්නෙමු. එසේම, ශක්තිමත් ආර්ථිකය පදනම ගොඩ නැගෙන්නේ සමාජ වගකීමක් සහිත ධනවාදය තුළින් බවද අප පිලිගන්නෙමු. එනයින්, සමාජ වගකීමක් සහිත ධනවාද​යේ සහ නියෝජිත ප්‍රජාත​න්ත්‍රවාදයේ ඒකාබද්ධ ව්‍යු​ප්පන්නයක් ලෙස අපගේ සමාජ ආර්ථික සංවර්ධන ආකෘතිය ඉදිරිපත් කරන්නෙමු.

සමාජ වගකීම​ක් සහිත ධනවාදය ක්‍රියාත්මක කිරීම තුළින් රටතුල දැනට පවතින ආර්ථික රාමුව පිරිසිදු කොට ජාතික ආර්ථික සමෘද්ධිය​ක් ඇති කිරීම අපගේ ප්‍රමුඛතම අරමුණයි. ලොව පුරා ශක්තිමත් යැයි පිළිගන්නා සියළුම රාජ්‍යන් තම ආර්ථික සමෘද්ධිය ඇති කර ගැනීමේදී ධනවාදයේ මූල ධර්මය​න් සෘජු, මිශ්‍ර හෝ රාජ්‍ය යන විවිධ ආකෘතීන් තුළින් ක්‍රියාත්මක කර ඇති බව අපට පැහැදිලිව දක්නට තිබේ. ශක්තිමත් රාජ්‍යක ප්‍රධානතම අංගයන් වන ධනය රැස්කිරීම කිරීම, දැනුම නිර්මාණය කිරීම, තාක්‍ෂණික දියුණුව, ඉහළ ප්‍රමිතියක් සහිත අධ්‍යාපන සහ සෞ​​ඛ්‍ය සේවා මෙන්ම ශක්තිමත් සමාජ ආරක්ෂණ පද්ධතීන් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ සමාජ සාධාරණත්වයක් සහිත ධනවාදි රටවල් තුල බව නොරහසකි.

අප යෝජනා කරන සමාජීය ධනවා​දි ආර්ථි​ක ක්‍රමවේදය හරහා අප රටේ අඩු ආදායම්ලාභි පවුල් වලි​න් බහුතරයක් දරිද්‍රතාවයෙ​න් මුදාගනිමින් රටේ ජනගහනයෙන් වැඩි පිරිසක් ඉහළ මධ්‍යම පාන්තිකයන් බවට පත්කිරීමට හැකිවන බව අප විශ්වාස කරන්නෙමු. ඒ තුලින් අප​ට ශක්තිමත් පරිභෝජන ආර්ථිකයක් සහ බාහිර අවධානම් සහ කම්පනයන් වලට ඔරොත්තු දෙන ශක්තිමත් ජාතික ආර්ථිකයක් ගොඩ නැගීමට හැකිවනු ඇත.

අපගේ ප්‍රතිපත්ති රාමුවෙන් බිඳක්

  • තාක්ෂණය හා දැනුම පදනම් කරගත් දැවැන්ත ආර්ථික වර්ධනයක්
  • රජයේ නියාමනයන් අවම වූ නිදහස් හා තරගකාරී වෙළඳපොළක්
  • 4% ක උද්ධමනය ඉලක්ක කරගත් මූල්‍ය ප්‍රතිපත්ති රාමුවක්
  • රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ තිරසර වැඩසටහනක්
  • ආර්ථිකයේ දැවැන්ත පිම්මකට සරිලන වරාය, ගුවන්තොටුපල, මහාමාර්ග, කර්මාන්තපුර සහ වෙළඳ නගර සඳහා වූ ආයෝජන රැසක්
  • සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අයෝජකයන්ට විශේෂ දිරිගැන්වීම්
  • ව්‍යාපාර වර්ධනයන් සඳහා කැපවූ නව ආයෝජන බැංකු පද්ධතියක්
  • පුරවැසි හා ව්‍යාපාරික අභිලාශන්ට හිතකර සහ නම්‍යශීලී බැංකු සේවාවක්
  • ව්‍යවසායකයන්ට දැනුම, තාක්ෂණය, ප්‍රාග්ධනය හා වෙළඳපොළ සඳහා පුළුල් ප්‍රවේශයන්
  • සැමට සාධාරණ වූ බදු ප්‍රතිපත්තියක්
  • පුහුණු නුපුහුණු ශ්‍රමිකයින්ට උද්ධමනයට සරිලන වැටුපක්
    නවලොවට ගැළපෙන විද්‍යා, ඉංජිනේරු, තාක්ෂණ හා කලා අංශ ප්‍රමුඛ කරගත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රැසක්
  • සෑම තරුණයකුටම රැකියා වෙළඳපොළට ගැළපෙන අධ්‍යාපන සුදුසුකමක්, තාක්ෂණික දැනුමක් සහ වෘත්තීය නිපුණත්වයක්
    විශේෂ වරප්‍රසාද නොමැති අමාත්‍යංශ 16කට පමණක් සීමාවු කැබිනට් මණ්ඩලයක්
  • ඩිජිටල්කරණය වූ කාර්යක්ෂම හා වගවන රාජ්‍ය සේවාවක්
    වංචාවට, දූෂණයට තිත තියන පාලන තන්ත්‍රයක්
    දේශගුණික විපර්යාස සහ පාරිසරික යුක්තිය සඳහා නව ප්‍රතිපත්ති රාමුවක්
  • තාක්ෂණයෙන් ගොඩනැගෙන ශක්තිමත් කෘෂි කර්මාන්තයක්, සවිබල ගැන් වූ කෘෂි ව්‍යවසායකත්වයක්
  • සෑම පුරවැසියෙකුටම ත​ම අදායම් මත පමණක් පදනම් නොවූ පෞද්ගලික හා රජයේ සෞඛ්‍ය සේවා සඳහා ඉඩක්
    ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ හා අඩු ආදායම්ලාභීන්ගේ මූලික අවශ්‍යතා මැනවින් ආවරණය වන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක්
  • ආබාධිත පුද්ගලයන් සඳහා වූ ජාතික වැඩපිළිවෙලක්
    සියලු දිස්ත්‍රික්ක, ගම්, නගර යා කරමින් ගොඩනැගෙන පොදු ප්‍රවාහන සේවා පද්ධතියක්
  • වැටුපට දැරිය හැකි විදුලි සහ ඉන්ධන මිල පාලන සූත්‍රයක්
    ළමා හා කාන්තා හිංසනයට කඩිනම් පියවර ගත හැකි නීති ප්‍රතිසංස්කරණ රැසක්
  • සැබෑ නිදහස භුක්ති විඳින සමාජයක්
  • නීතිගරුක රටක්, කාර්යක්ෂම අධිකරණ පද්ධතියක්
    තාක්ෂණය හා බැඳුනු ශක්තිමත් ජාතික ආරක්ෂණ යාන්ත්‍රණයක්
  • විදේශ බලපෑම්, භූගෝලිය දේශපාලනයට යටත් නොවූ නිවහල් දේශයක්
සම්පුර්ණ ප්‍රතිපත්ති මාලාව කියවන්න
ප්‍රජාතන්ත්‍රවාදය
සමාජ සාධණත්වයක් සහිත ධනවාදය
සාමාජීය නිදහස
නීතියේ ආධිපත්‍ය
වගවීම
සමානාත්මතාවාදය
කුසලතාවාදය
අන්තර්කරණය
වෙනස් මත දැරීමට ඇති අයිතියට ගරු කිරීම
පුද්ගලිකත්වය
තාර්කිකව විමසා බලා කටයුතු කිරීම
බහුපාර්ශ්වියවාදය
තිරසාර බව
ස්වශක්තිය සහ උත්සහවන්තවීම